ආයෙත් කරමුද ?


ලසන්ත ව්්‍යායාම ගන්න හැමදාම උදේට පිට්ටනිය වටේ දුවනව. එදා උදේ දුවල ගෙදර ආවෙ හොඳටම හෙම්බත් වෙලා. මේ වෙලාවට ගෙදර කවූරුවත් නෑ. ඔක්කොමල්ල වැඩට ගිහින්, අම්ම ඉස්කෝලෙ ඉඳල ගෙදර එන්නෙ 3ට විතර. අක්කයි, තාත්තයි එනකොට හවස් වෙනව. එතකන් ගෙදර රජා ලසන්ත.


ලසන්ත කාමරේට ගිහින් දාඩිය නෑවිල තියන ඇඳුනුයි කැන්වස් සපත්තුයි ගලවල තුවාය ඉනේ පටලවගෙන කෑම කාමරේට ගියේ තිබහට මොනව හරි බොන්න හිතගෙන. ෆ්‍රිජ් එක ඇරපුවාම එන සීතල හුලඟ ඇඟට වද්දගෙන සනීපෙට කිරිවීදුරුව බොන්න පටන්ගත්ත.