ඔහු නමින්...නෑ...නෑ...නම සඳහන් නොකරන්නෙ පෞද්ගලිකත්වය පවත්වාගන්නයි. හොබවන්නේ අපි පදින්චි ගෙදරට වැඩි ඈතක් නොවූ ඇති කුඩා විහාරයක නායක හාමුදුරුකමයි. අපි හමුවුනේ මා කියනා මේ සිදුවීමට මාස හයකට පමන පෙර නිවාඩු දිනයක දී හවස අටට පමන අප නිවස අසලින් ගමන් ගත් ඔහුගේ කාරය යාන්ත්‍රික දෝශයක් නිසා අතරමන් වූ අවස්තාවකයි. ඒ අවස්ථාවේ මවිසින් කල සුළු උදව්ව නිසා අප අතරේ ඇතිවූ ඒ සියුම් දැන හැඳිනුම්කම මිත්‍රත්වය කරා ගොස් එකිනාට උදව් උපකාර කරගන්නා තරමට බැඳීමක් ඇතිවුනේය. මම ඔහුට ඝරුනම්බුව දී කතා කරන්න පෙළෙම්බුනත් ඔහු ඒකට අකමැතිවූයේ මම බෞද්ධයෙක් නොවන නිසාත් අබෞද්ධයෙකුගෙන් ඒ දේ බලාපොරොත්තුවිම විහිළුවක් හා නොමග යැවීමක් කියායි. සාමාන්‍ය විදිහට ඇමතීමට මට බල කලේය. ඔහු තුල වූ මෙවන් උදාර අදහස් නිසා මා තුල ඔහු ගැනවූ ගෞරවය තවත් තවත් වැඩිවිය. එපනින් නොනැවතී අප මිනිසුන් හැටියට අපේ සිතුම් පැතුම් මෙන්ම ආසාවන් හැඟීම් පවා සමාන බවත් එයට ගිහි පැවිදි කියන වෙනසක් නැතැයිද ඔහු පෙන්වා දුන්නේය.